රාජගිරියේ මිහිඳු මහා පෙරහැර

28

බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ දී තෙවන ධර්ම මහා සංගායනාව පැවැත්වීමෙන් අනතුරුව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් හා ධර්මාශෝක මහරජාණන්ගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් බුද්ධ වර්ෂ 236 ක් වු පොසොන් පුර පසළොස්වක පොහෝදා අරහත් මහින්ද මහරහතන් වරන්සේ ඇතුළු ධර්ම තයන් වහනසේලා මෙරටට වැඩම වුහ. උන් වහන්සේලාගේ වැඩම වීමෙන් අප දේශය බෞද්ධ රාජ්‍යයක් බවට පත්වුවා පමණක් නොව සූසැට කලාවන්ගෙන් සමලංකෘත වු කලාවන් ද අපට දායා ද වුයේය. ඒ උත්තුංග දායාදය අප මාතෘභූමියට ලැබීමෙන් පුරා වසර 2321 ක් ගතවන මේ මොහෝතේ ලක්දිව වැසියා මහත් ශ‍්‍රද්ධාවෙන් ඔදවැඩිගිය පොසොන් උදාව සමරන්නට යෙදුනාහ. ඒ පොසොන් උදාවේ සඳකිරණින් නැහැවුණා වු රාජගිරිය ධර්මපාල පෙදෙස සිරි විරාරස්ථ දායක සභාව, කුල`ගන සමිතිය, තරුණ සමිතිය, ධර්මාශෝක දහම් පාසල, රාජගිරිය ප‍්‍රදේශයේ බෞද්ධ සමිති සමාගම් හා ප‍්‍රදේශවාසීන් එක්ව සත්වන වරටත් සංවිධානය කරන්නට යෙදුනා වු රාජගිරියේ මිහිඳු මහා පෙරහැර අපරභාග 5. 00 ට යෙදුණු සුභ මොහෝතින් ගමන් අරඹන ලද්දේය. සධාතුක දා කරඩුන් වහන්සේ රැුගත් ඇත් රජු ඇතුළු අලි ඇතුන්ගෙන් ද බෞද්ධ ධජ පතාකයන්ගෙන් ද, සිංහ ධජ ගෙන්ද උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප‍්‍රධායන්ගෙන් ද සිසු දරුවන්ගේ ලී කෙළිසෙල්ලම් වලින් ද මහ ස`ගරුවනේ හා දස සිල් මෑණිවරුන්ගේ වැඩම කිරිමෙන් ද රාජගිරිය ප‍්‍රදේශයේ සියළු මං මාවත් හි සංචාරය කරමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් මහින්දාගමනය සමරනු පිණිස ද බුද්ධාලම්භන ප‍්‍රීතිය වඩවනු පිණිසද රාජගිරියේ මිහිඳු මහපෙරහැර ත‍්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද බලයෙන් සර්වප‍්‍රකාරයෙන් සාර්ථක වු බව බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුතුව ප‍්‍රකාශ කර සිටින්නාහ.