දහම් පාසල

siri wijayaramaya

1943 අපේ‍්‍රල් මස 04 වන දින ශී‍්‍ර ධර්මාශෝක දහම් පාසල ආදිකර්තෘ පූජ්‍යපාද දෙවුන්දර ධම්මාරාම පණ්ඩිතහිමිපාණන් අරඹන ලද්දේ සීමිත ඉඩක් සහිත පොල් අතු මඩුවකය. එහෙත් එකලද දහම් පිපාසිත විශාල පිරරිසක් දහම් අධ්‍යාපනයට පෙළඹී ඇත. ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ විශේෂ වර්ධනයක් සහිත අප දහම් පාසලේ වාර්ෂික පරීක්ෂණ වලදී විශේෂ දක්ෂතා පෙන්වන අතර වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයක් සහ කළා උළෙලක් පවත්වනු ලැබේ. වර්තමානයේ සිසුහු 300 ට අධික ප‍්‍රමාණයක් දහම් අධ්‍යාපන ලබති. අතීතයේ පටන් රටට වැඩ දායක බොහෝ පිරිසක් මෙම දහම් පාඨශාලව තුළින් නිර්මාණය කර ඇත.