අපේ පන්සල

siri wijayaramaya

1943 – අපේ‍්‍රල් 04

රාජ්‍ය වර්ෂ 1937 දී පමණ ආරම්භ කළ අවාස පංසල හෙවත් සිරි විජයාරාමය විහාරස්ථාකයේ ආදි කර්තෘ වරයන් වහන්සේ වුයේ ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දෙවුන්දර ධම්මාරාම නාහිමිපාණන් වහනසේය. සැදැහැවතක පරිත්‍යාග කළ ඉඩමක ඇරඹි මෙම අරම ආරම්භක යුගයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ගිය අප නාහිමිපාණන් එකළ නිතර පවසති. අප නාහිමිපාණන් ගොඩනැගිලි තනනවා වෙනුවට මිනිසුන්ගේ සිත් සැනසුමට මුල්තැන දුන්නේ කුඩා අවාස ගෙය තුළ සිටය. වත්මන් විහාරාධිපති පුජ්‍ය දෙවුන්දර ධම්මරුචි හිමිපාණන් අදවන විට එය සියළු විහාරාරංගයන්ගෙන් සමලංකෘත වු විහාරස්ථානයක් බවට පත්කොට ඇත...

Read More

රාජගිරියේ මිහිඳු මහා පෙරහැර

28

බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ දී තෙවන ධර්ම මහා සංගායනාව පැවැත්වීමෙන් අනතුරුව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් හා ධර්මාශෝක මහරජාණන්ගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් බුද්ධ වර්ෂ 236 ක් වු පොසොන් පුර පසළොස්වක පොහෝදා අරහත් මහින්ද මහරහතන් වරන්සේ ඇතුළු ධර්ම තයන් වහනසේලා මෙරටට වැඩම වුහ. උන් වහන්සේලාගේ වැඩම වීමෙන් අප දේශය බෞද්ධ රාජ්‍යයක් බවට පත්වුවා පමණක් නොව සූසැට කලාවන්ගෙන් සමලංකෘත වු කලාවන් ද අපට දායා ද වුයේය. ඒ උත්තුංග දායාදය අප මාතෘභූමියට ලැබීමෙන් පුරා වසර 2321 ක් ගතවන මේ මොහෝතේ ලක්දිව වැසියා මහත් ශ‍්‍රද්ධාවෙන් ඔදවැඩිගිය පොසොන් උදාව සමරන්නට යෙදුනාහ...

Read More